ඇමරිකාවට යන්න අපේක්ෂාවෙන් සිටින අයට වැදගත් තොරතුරක්

ඇමරිකාවට යන්න අපේක්ෂාවෙන් සිටින අයට වැදගත් තොරතුරක්
සයිනොෆාම් ඇතුළු ලෝක සෞඛ්‍යය සංවිධානය මගින් අනුමත කර ඇති ඕනෑම කොවිඩ් – 19 මර්ධන එන්නතක් ලබා ගත් අයට අමෙරිකාවට ඇතුළු වීමට අනුමැතිය හිමිවන බව එරට රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන සිකුරාදා ප්‍රකාශ කළේය.
 
ඒ අනුව ෆයිසර්, මොඩර්නා, ඇස්ට්‍රාසෙනෙකා, ජෑන්සන්, සයිනොෆාම් සහ සිනොවැක් එන්නත් ලබාගත් පිරිසට මෙම අවසරය ලැබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
 
සැප්තැම්බර් 20වනදා ධවල මන්දිරය නිවේදනය කළේ නොවැම්බර් මාසයේදී එක්සත් ජනපදය චීනය, ඉන්දියාව, බ්‍රසීලය සහ යුරෝපයේ බොහෝ රටවල් වලින්කොවිඩ් -19ට එරෙහිව පූර්ණ එන්නත ලබා ගත් රටවල් 33 ක ගුවන් සංචාරකයින් සඳහා පනවා තිබූ සංචාරක තහනම ඉවත් කරන බවයි. කුමන එන්නත් ලබා ගත යුතුද යන්න එයින් නිශ්චිතව දක්වා නොතිබුණි.
 
කෙසේ නමුත් අමෙරිකාවේ රෝග පාලනය හා වැළැක්වීමේ මධ්‍යස්ථාන ප්‍රකාශකයෙක් සිකුරාදා රොයිටර් පුවත් සේවයට පැවසුවේ, “ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් හදිසි අවස්ථා භාවිතය සඳහා එෆ්ඩීඒ අනුමැතිය ලත්/අනුමත කළ හෝ ලැයිස්තුගත කර ඇති එන්නත් හයක් එක්සත් ජනපදයට යාම සඳහා වන නිර්ණායක සපුරාලනු ඇති” බවයි.
 
ඒ අනුව එක්සත් ජනපදයට පැමිණෙන පුරවැසියන් නොවන දින තුනක් ඇතුළත එන්නත ලබා දුන් බවට සාක්ෂි සහ සිදු කළ කොවිඩ් පරීක්ෂණයේ වාර්තාවක් පෙන්විය යුතුව ඇත.