වීසා කල් ඉකුත්ව කටාරයේ සිටින ලාංකිකයින්ට විශේෂ දැනුවත් කිරීමක්

වීසා කල් ඉකුත්ව කටාරයේ සිටින ලාංකිකයින්ට විශේෂ දැනුවත් කිරීමක්

වීසා කල් ඉකුත්වූ කටාරයේ සිටින ලාංකිකයින්ට විශේෂ දැනුවත් කිරීමක් සම්බන්ධ වීඩියෝ පටයක් නිකුත්කර තිබේ.

එහි සඳහන් ආකාරයට මෙම නිවේදනය කටාර් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය විසින් නිවේදනය කර තිබෙන අතර කොරෝනා වසංගතය හේතුවෙන් විදේශිකයින් බොහෝමයකට ඔවුන්ගේ වීසා අලුත් කර ගැනීමට නොහැකි වී ඇත.

සහන කාලයක් හිමි වුවත් එම කාලය තුළදීත් වීසා අලුත් කර ගැනීමට නොහැකිවූ විශාල පිරිසක් කටාරයේ සිටින අතර වර්තමාන තත්ත්ත්වය ගැන සැලකිල්ලට ගැනීමේදී දඩ මුදල් පවා ගෙවීමට සිදුවන අවස්ථා තිබේ.

කෙසේ වෙතත් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය නිකුත්කර ඇති නිවේදනය අනුව එලෙස දඩ මුදලක් නොගෙවා වීසා අලුත් කර ගැනීම සම්බන්ධයෙන් දැනුවත් කර ඇත.

ඔබත් කටාරයේ සිටින අයෙක් නම් මේ නිවේදනය අතිශය වැදගත් වනු ඇත.

 

වීඩියෝ පටය උපුටා ගැනීම : Sri Lankika Qatar Api