ලාංකිකයින් රැසක් රට හැර යාමේ සූදානමක්

ලාංකිකයින් රැසක් රට හැර යාමේ සූදානමක්
ලාංකිකයින් රැසක් රට හැර යාමට සූදානම් වෙන බව වාර්තා වේ.
 
මේ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලවල හා පුවත් වෙබ් අඩවිවල විස්තර වාර්තා වූ අතර මේ දිනවල ගෑස් පෝලිං ,කිරිපිටි පෝලිං,පෙට්රල් පෝලිම් වගේම මේ පෝලිමත්  විශේෂයෙන් දක්නට ලැබෙන බවයි සඳහන් වෙන්නේ.
 
විදේශගත වීමේ අපේක්ෂාවෙන් කොළඹ ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලයට ඇති පෝලිම ගැන මෙලෙස කතාබහට ලක්ව තිබෙන අතර රටේ පවතින දැඩි ආර්ථික පරිහානිය නිසා රට අතහැර යාමට මොහුන් සුදානමින් සිටින බවයි මේ රැකියා අපේක්ෂකයින් සඳහන් කරන්නේ.
 

මේ පිරිස් අතර වැඩි පිරිසක් තරුණ ප්‍රජාවද වීම විශේෂත්වයකි. කොන්සියුලර් කාර්යාලයට පැමිණෙන්නේ මෙඩිශල් එක ලබා දෙන්න සහතික පිටපත් සහ විසා ගැටලු සම්බන්ධව සාකච්ඡා කිරීම සඳහා ඔහුන් මෙලස රැදී සිටිනු ලබයි.