එක්සත් අරාබි එමීරය විදේශිකයින්ට ගෝල්ඩ් වීසා නිකුත් කරයි

එක්සත් අරාබි එමීරය විදේශිකයින්ට ගෝල්ඩ් වීසා නිකුත් කරයි

එක්සත් අරාබි එමීර් රාජ්‍යය විසින් විදේශීය වෛද්‍යවරුන් පන්සීයකට වැඩි පිරිසකට ගෝල්ඩ් වීසා නිකුත් කර තිබෙන බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

 ම පහසුකම යටතේ වෛද්‍යවරුන්ට සහ ඔහුගේ පවුලේ සාමාජිකයින්ට වසර 10ක කාලයක් එක්සත් අරාබි එමීර් රාජ්‍යය රැඳී සිටීමට අවස්ථාව ද හිමි වන බවයි සඳහන් වෙන්නේ.

 එරට ජාතික සෞඛ්‍ය සේවා අංශය වඩාත් ශක්තිමත් කිරීම   වෛද්‍ය සේවාවන්හි කාර්යක්ෂමතාව සහ ගුණාත්මකභාවය වැඩි කිරීමේ අරමුණින්  එමිර් රාජ්‍යය  බලධාරීන් විසින් මෙලෙස විදේශීය වෛද්‍යවරුන්ට ගෝල්ඩ් වීසා ලබා  දීමට කටයුතු කර ඇත.

 මෙම  ගොල්ඩ් වීසා බලපත්‍ර වලට අයදුම් කරන ලෙස  එක්සත් අරාබි එමීර් රාජ්‍යය උප ජනාධිපති  අග්‍රාමාත්‍ය, සහ ඩුබායි හි පාලක, ෂෙයික් මොහොමඩ් බින් රෂීඩ් අල් මක්ටුම් විසින් විසින්  විදේශීය වෛද්‍යවරුන්ට ආරාධනයක් කර තිබෙන අතරම  මෙම වීසා බලපත්‍ර නිකුත් කිරීමට ද කටයුතු කර තිබෙන බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.