කටාර් ලක් තානාපති කාර්යාලයෙන් වැදගත් නිවේදනයක්!

කටාර් ලක්  තානාපති කාර්යාලයෙන් වැදගත් නිවේදනයක්!

කටාරයේ සේවය කරන ලාංකිකයින්ට වැදගත්වෙන නිවේදනයක් එරට ලක් තානාපති කාර්යාලයෙන් නිකුත්කර තිබේ.

මේ සම්බන්ධයෙන් වීඩියෝ පටයක් නිකුත් කරමින් ශ්‍රී ලාංකික කටාර් අපි යූටියුබ් නාලිකාව ප්‍රකාශ කරන්නේ කටාරයේ සේවය කරන ලාංකිකයින්ගේ සුබ සාධනය ආරක්ෂාව සම්බන්ධයෙන් සාකච්ඡාවට ගැනෙන සූම් සම්මන්ත්‍රණයක් 2021 ඔක්තෝබර් මස 24 වෙනි දින කටාර් වේලාවෙන් පෙරවරු 09.00ට (ශ්‍රී ලංකා වේලාවෙන් 11.30 am)පැවැත්වෙන බවයි.

එහිදී කම්කරු නීතිය,පාරිතෝෂිත ලබා ගැනීමේදී ඇතිවී ඇති ගැටළු,රැකියා වීසා ලබා ගැනීමේදී මත්ව ඇති දුෂ්කරතාවයන්,වැටුප් නොගෙවීමේදී ගතයුතු පියවරයන් වැනි ඉතා වැදගත් කරුණු රැසක් මෙහිදී සාකච්ඡාවට ගැනීමට නියමිතයි.

අදාළ සම්පූර්ණ වීඩියෝපටය පහතින් නරඹන්න...