ඕමානයේ සේවයට ගිය තරුණියක් අතුරුදහන් -ඔබ මැය ගැන තොරතුරක් දන්නවාද?

ඕමානයේ සේවයට ගිය තරුණියක් අතුරුදහන් -ඔබ මැය ගැන තොරතුරක් දන්නවාද?

ඕමානයේ මස්කට් නගරයේ ගෘහ සේවිකාවක් ලෙස සේවයට ගිය ලාංකික කාන්තාවක් එරටදී අතුරුදහන්ව ඇති අතර  ඇය සම්බන්ධයෙන් තොරතුරු ඕමාන් ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ  විසින් සොයනු ලබයි.

මෙලෙස අතුරුදන්ව ඇත්තේ ඕමාන් මස්කට් නුවර ගෘහ සේවිකාවක් ලෙස සේවය කළ තිස් පස් හැවිරිදි  ජයා විජයකුමාර් (  ගුවන් බලපත්‍ර අංක : N8679215 )  යන අයයි.

 ඇය 2020 වර්ෂය නොවැම්බර් මාසයේ සිට අතුරුදහන්ව තිබෙන බවයි තානාපති කාර්යාලය සඳහන් කරන්නේ.

ඇය සම්බන්ධයෙන් තොරතුරක් දන්නේ නම් පහතින් දැක්වෙන දුරකථන අංක හරහා  ඕමානයේ ශ්‍රි ලංකා තානාපති කාර්යාලය දැනුවත් කරන ලෙසයි තානාපති කාර්යාලය ඕමානයේ සිට ලාංකිකයන්ගෙන් සහ  මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ.

දුරකථන අංක : +968 24697841/2 , +968 91744387

 තානාපති කාර්යාලය නිකුත් කළ සම්පූර්ණ නිවේදනය පහතින්….

 

oman