බ්‍රිතාන්‍යයේ කොවිඩ් ආසාදිතයින් අනපේක්ෂිත ලෙස ඉහළ යයි

බ්‍රිතාන්‍යයේ කොවිඩ් ආසාදිතයින් අනපේක්ෂිත ලෙස ඉහළ යයි

මාස තුනකට පසුව බ්‍රිතාන්‍යයෙන් වැඩිම දෛනික කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව වාර්තා වී තිබෙන අතර ඊයේ (18) දිනයේ විදෙස් පුවත් සේවා වාර්තා කළ පරිදි ගතවූ පැය 24 තුළ බ්‍රිතාන්‍යයෙන් නව කොවිඩ් ආසාදිතයන් 45,140 දෙනෙකු සහ නව මරණ 57 ක් වාර්තා වී ඇත.

ශීත ඍතුවට සූදානම් වෙමින් පවතින පසුබිමක ආසාදිතයන් නැවත ඉහළ යමින් පැවතීම විශේෂත්වයකි.

ජූලි මැද භාගයෙන් පසු වාර්තා වූ වැඩිම දෛනික ආසාදිතයන් සංඛ්‍යාව මෙය වන අතර පසුගිය සතියට සාපේක්ෂව එය ආසාදිතයන්ගේ සියයට 30ක වැඩිවීමකි.

කෙසේ වෙතත් මරණ සියයට 61කින් පහත වැටී තිබේ.

සැප්තැම්බර් 15 වැනිදායින් පසු රෝහල්ගත වීමද සැළකිය යුතු ලෙස ඉහළ ගොස් ඇතැයිද සඳහන් වේ.

ඔබත් බ්‍රිතාන්‍යයේ සිටින ලාංකිකයෙකු නම් ඉදිරි කාලය වඩාත් අවදානම් විය හැකි බැවින් සෞඛ්‍ය උපදෙස් අකුරට පිළිපඳිමින් සැලකිලිමත්ව කටයුතු කරන්න.