සංක්‍රමණික ප්‍රජාව මුහුණ දෙන ගැටළු වෙනුවෙන් VoM ජාලය පෙරට එයි 

සංක්‍රමණික ප්‍රජාව මුහුණ දෙන ගැටළු වෙනුවෙන් VoM ජාලය පෙරට එයි 
විදෙස්ගතව රැකියාව කරන හා විදෙස්ගතව සිට මව් බිමට පැමිණ සිටින සංක්‍රමණික ශ්‍රමිකයින්  දීර්ඝකාලයක් තිස්සේ මුහුණ දෙන එහෙත් තවමත් නොවිසඳුනු ගැටළු සහ අභියෝග සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමත් ඒ වෙනුවෙන් ජාතික මට්ටමින් උපදේශනය සඳහා සූදානම් වීමේ අරමුණින් VoM ජාලය නියෝජනය කරන සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එක්ව සංවිධානය කරන ලද සම්මත්‍රණයක් ඊයේ (30) කොළඹ ජයික් හිල්ටන් හෝටල් ශ්‍රවනාගාරයේදී පැවැත්වුනා.
 
ඒ සඳහා සංක්‍රමණික සේවකයින්ගේ ගැටළු වෙනුවෙන් පෙනී සිටින ඒ වෙනුවෙන් දිස්ත්‍රික්ක මට්ටමින් හා සංවිධාන මට්ටමින් ක්‍රියාකාරකම් හරහා දායකත්වය ලබාදෙන සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති රැසක නියෝජිතයින් මේ අවස්ථාවට එක්ව සිටියහ.
 
එහිදී සංක්‍රමණික ශ්‍රමිකයින්ගේ ගැටළු වෙනුවෙන් සක්‍රීයව මැදිහත්වෙන ජාතික එකමුතුවක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාවය පැහැදිලි කරමින් එළැඹෙන දෙසැම්බර් 18 වෙනි දිනය යෙදෙන ලෝක සංක්‍රමණික දිනය වෙනුවෙන් සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති එකමුතුවක් ලෙස රාජ්‍ය මට්ටමින් හා පොදු සමාජය තුළ බලපෑමක් ඇති කීරීමේ අවශ්‍යතාවය මෙහිදී මතුකරනු ලැබුවා.
 
සංක්‍රමණික සේවකයින්ගේ සුබසාධනය වෙනුවෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග, විදෙස්ගතව සේවය කර නැවත මෙරටට පැමිණි ශ්‍රමිකයින්ගේ ජීවිතය නඟා සිටුවීම වෙනුවෙන් සිවිල් සංවිධාන හා වෘත්තීය සමිති ලෙස ගත හැකි ක්‍රියාමාර්ග හා සක්‍රීයව ලබා දිය හැකි දායකත්වය සම්බන්ධයෙන්ද මේ අවස්ථාවේදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කරන ලදී.
 
තෝරාගත් දිස්ත්‍රික්ක කිහිපයක සංක්‍රමණික සේවකයින් ආශ්‍රිතව සිදුකරනු ලැබූ සමීක්ෂණයක් ආශ්‍රයෙන් ලබාගත් දත්ත මත පදනම්ව ඒ ඒ දිස්ත්‍රික්කවල සංක්‍රමණික සේවකයින් මුහුණ දෙන ගැටළු ,අභියෝග හා අත්දැකීම් සම්බන්ධයෙන්ද මෙහිදී සාකකච්ඡාවට නැගුණි.
 

ජාතික එකමුතුවක් ලෙස ජාතික මට්ටමින් හා ජාත්‍යන්තර මට්ටමින් සක්‍රීය ක්‍රියාත්මක වෙමින් සමස්ත සංක්‍රමණික සේවකයින්ගේ ගැටළු,ප්‍රශ්න,අභියෝග මෙන්ම ඔවුන්ගේ ජීවිතය නඟා සිටුවීම සඳහා සියළුම දෙනා ඒකරාශීව කටයුතු කිරීම හා ඒ වෙනුවෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග ගැනද මෙහිදී සකච්ඡා කරනු ලැබුවා.

DSCF1061

DSCF1007
 

DSCF1014

DSCF1031
 
DSCF1033
 
DSCF1081
 
DSCF1034