ඔමික්‍රෝන් ආසාදිතයින් දෙදෙනෙක් හමුවීම නිසා ඕස්ට්‍රේලියාවද නොසන්සුම්

ඔමික්‍රෝන් ආසාදිතයින් දෙදෙනෙක් හමුවීම නිසා ඕස්ට්‍රේලියාවද නොසන්සුම්
ඔමික්‍රෝන් කොරෝනා ප්‍රභේදය ආසාදිතවූවන් සොයා ගැනුණු නවතම රට බවට ඕස්ට්‍රේලියාව බවට පත්ව තිබෙන අතර එරටින් ඔමික්‍රෝන් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් දෙදෙනෙකු හඳුනාගෙන තිබෙන බවයි විදෙස් පුවත් සේවා වාර්තා කරන්නේ.
 

එහිදී ඕස්ට්‍රේලියානු බලධාරීන් පෙන්වා දෙන්නේ දකුණු අප්‍රිකාවේ සිට පැමිණි ගුවන් මගීන් දෙදෙනෙකු එලෙස ආසාදිතයින් ලෙස හමුවී ඇති බවත් ඔවුන් රට තුළට ඇතුළු වී ඇත්තේ දකුණු අප්‍රිකාවේ සිට කටාර් රාජ්‍යය හරහා සිඩ්නි ගුවන් තොටුපළට ලගාවූ ගුවන් යානයකින්වන බවයි.

එලෙස පැමිණි ගුවන් යානයේ සිටි තවත් දකුණු අප්‍රිකානුවන් 12 දෙනෙකුට කොරෝනා පරීක්ෂණ සිදුකර ඇති අතර ඔවුන් මෙතෙක් ආසාදිතයින් නොවන බව තහවුරු වුවත් එම මගීන් 12 දෙනා නිරෝධායනයට යොමු කිරීමට ඕස්ට්‍රේලියානු බලධාරීන් කටයුතු කර ඇත.

අදාළ ගුවන් යානයෙන් පැමිණි සෙසු මගීන් 260 දෙනෙකු හා කාර්යය මණ්ඩලය ද නිරෝධායනයට යොමු කර ඇති අතර හඳුනා ගැනුණු අසාදිතයින් දෙදෙනා කොරෝනා මර්දන එන්න්තකරණය යටතේ පූර්ණ එන්නත්කරණයට ලක්වූවන් බවයි පැවසෙන්නේ. ඔවුන්ගෙන් රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන බව ද විදෙස් මාධ්‍යයන්හි සඳහන්. 

ආසාදිතයින් දෙදෙනා විශේෂ වෛද්‍ය ප්‍රතිකාර යටතේ පසුවන බව ද ඕස්ට්‍රේලියානු මාධ්‍ය සඳහන් කළා.