විදේශිකයින් කිසිවෙකුට රට ඇතුළු වෙන්න බැහැ -ඊශ්‍රායලය දැඩි තීරණයක

විදේශිකයින් කිසිවෙකුට රට ඇතුළු වෙන්න බැහැ -ඊශ්‍රායලය දැඩි තීරණයක

වර්තමානය වන විට ලෝකයම කැළඹීමට නම් කර ඇති  ඔමික්‍රෝන් කොරෝනා විකෘතිය සැලකිල්ලට ගනිමින් ඊශ්‍රායල්  රජය විසින් කිසිදු විදේශිකයෙකුට සිය රටට ඇතුළුවීමට ඉඩ ලබා නොදෙන බවට නිවේදන නිකුත් කර තිබේ.

එරට  සෞඛ්‍ය අංශ විසින්  ලබාදුන් උපදෙස් අනුව මෙම තහනම පැනවීමට කටයුතු කළ බවයි ‍ ඊශ්‍රායල් අග්‍රාමාත්‍ය නෆ්තාලි බෙනට් නිවේදනය කර ඇත්තේ.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා   ප්‍රකාශ කර ඇත්තේ මෙම සංචාරක තහනම සමඟ කිසිදු විදේශිකයෙකුට  දින 14 යනතෙක්  ඊශ්‍රායලයට  පැමිණීමට අවසරය හිමි නොවන බවයි.

 ඒ අනුව ඔමික්‍රෝන් විකෘතිය හේතුවෙන් රටක් සියලු විදේශිකයින් ද  සංචාරක තහංචි පැනවීමක් කළ පළමු අවස්ථාව මෙය වන බවයි සැලකෙන්නේ.

අප්‍රිකාවේ බොට්ස්වානා  රාජ්‍යයෙන්  ආරම්භ වීය මේ වන විට දකුණු අප්‍රිකාවේ වේගයෙන් පැතිර ගොස් ඇති covid 19 ඔමික්‍රෝන් විකෘතිය  අසාදිත පුද්ගලයින්  ඊශ්‍රායලයෙන් ද හමු වීම හේතුවෙන්  මෙම දැඩි තීරණය ගැනීමට ඊශ්‍රායල් රජය කටයුතු කර ඇත.