ඕස්ට්‍රේලියාවේ සිටන විදේශිකයින්ට එරට ස්ථීර පදිංචියට අවස්ථාවක්

ඕස්ට්‍රේලියාවේ සිටන විදේශිකයින්ට එරට ස්ථීර පදිංචියට අවස්ථාවක්
ඕස්ට්‍රේලියානු ආර්ථිකය නගා සිටුවීමේ අරමුණින් එරට රජය විසින් පුහුණු සංක්‍රමණික වීසා ඛාණ්ඩ කිහිපයකක් සඳහා සහන ලබා දීමට කටයුතු කර තිබේ.
 

ඇතැම් නිපුණතා සහිත සංක්‍රමණිකයන් සහ ජාත්‍යන්තර සිසුන්ට උපාධිය ලැබීමෙන් පසු ශ්‍රමිකයන් ලෙස වැඩ කිරීමට පියවර ගැනීම, ඕස්ට්‍රේලියවෙහි පවතින නිපුණතා හිඟය සමනය කරනු ඇතැයි එරට රජය බලාපොරොත්තු වෙයි. මේ අනුව විදේශිකයන් 200,000 කට වැඩි සංඛ්‍යාවක් ආවරණය වන පරිදි පුහුණු සංක්‍රමණික වීසා ඛාණ්ඩ කිහිපයක වෙනස් කිරීම් රාශියක් සිදු ව ඇති බවත් සඳහන් වෙයි.

එමෙන්ම වර්තමානයෙහි පවතින සේවක හිඟයට පිළියම් යෙදීමේ අරමුණින්, කෝවිඩ් වසංගතය අතරතුර ඕස්ට්‍රේලියාවේ රැඳී සිටි පුහුණු වීසා බලපත්‍රලාභීන් 20,000 ක් පමණ ස්ථිර පදිංචිය සඳහා සුදුසුකම් ලබන බව රජය නිවේදනය කර තිබේ.