2022 රට රැකියා අපේක්ෂාවෙන් සිටින අයට සුබයි -ලක්ෂ 3කට රැකියා වරම්

2022 රට රැකියා අපේක්ෂාවෙන් සිටින අයට සුබයි -ලක්ෂ 3කට රැකියා වරම්

ලබන වසරේදී මෙරට ශ්‍රමිකයින් ලක්‍ෂ 3 ක් විදේශ රැකියා සදහා පිටත්කර යැවීමට සැලසුම් සකස් කර ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසනවා.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී මංගල රන්දෙණිය මහතා පැවසුවේ කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් පසුගිය කාල සීමාවේ විදේශ රැකියා සදහා පිටත්වීමේ අඩුවක් පැවතියද මේ වනවිට ක්‍රමයෙන් විදේශ රැකියා සදහා පිටත්වන පිරිස වැඩි වී ඇති බවයි.

2020 වර්ෂයේදී 53,000ක ප්‍රමාණයකට පමණක් විදේශ රැකියා අවස්ථා හිමිවූ අතර 2021 වසර වන විට එම ත්ත්වය දෙගුණයක් බවට පත්වී තිබේ.ඒ වගේම මේ වසරේදී එක් ලක්ෂ ද සදහසකට වැඩි පිරිසක් රැකියා සඳහ විදේශගත වෙනු ඇතැයි අපේක්ෂා කරන අතර 2022 වනවිට ලක්ෂ 03කට වැඩි පිරිසක් සඳහා විදෙස් රැකියා දොරටු විවෘත කිරීම වෙනුවෙන් තුන් අවුරුදු විශේෂ සැලැස්මක් සකස්කර තිබෙන බවත් හෙතෙම සඳහන් කළේය.

එහිදී රැකියා සඳහා යාමට අවශ්‍ය සියලු පහසුකම් රැකියා අපේක්ෂකයින්ට කඩිනමින් ලබා දීමටත් ඔවුන්ගේ විදේශ රැකියා ගමන සම්පූර්ණ සුරක්ෂිතතාවයකින් යුක්තව පවත්වාගෙන යාමටත් අවශ්‍ය සියලු විදිවිධාන මේ වනවිට යොදමින් පවතින බවත් මංගල රන්දෙණිය මහතා එහිදී සිහිපත් කළේය.