වසාදැමුණු විදේශ දූත මණ්ඩල කාර්යාල ගැන ආණ්ඩුව කියන්නේ කුමක්ද?

වසාදැමුණු විදේශ දූත මණ්ඩල කාර්යාල ගැන ආණ්ඩුව කියන්නේ කුමක්ද?
තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇති ශ්‍රී ලංකා විදේශ දූත මණ්ඩල කාර්යාල සම්බන්ධයෙන් විදේශ අමාත්‍යංශය නිල වශයෙන් නිවේදනය කර තිබේ.
 
ඒ අනුව නයිජීරියාවේ අබුජා හි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය, ජර්මනියේ ෆ්‍රෑන්ක්ෆර්ට් හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය, සයිප්‍රස් හි නිකෝසියා හි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය යන දූත කාර්යාල තාවකාලිකව වසා දැමීමට තීරණය කර ඇති බව විදේශ අමාත්‍යංශය පවසයි.
 
එම කාර්යාල තුන 2021 දෙසැම්බර් 31 වනදා සිට බලපැවැත්වෙන පරිදි තාවකාලිකව වසා දැමීමට විදේශ අමාත්‍යංශය "දැඩි සැලකිලිමත් බවින් යුක්තව තීරණය කළ" බව එම නිවේදනයේ සඳහන්ය.
 
"අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියට යටත් වූ මෙම තීරණය, විදේශ අමාත්‍යංශය විසින් ශ්‍රී ලංකාවේ විදේශ දූත මණ්ඩල සහ දූත කාර්යාල ජාලය ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා ක්‍රියාත්මක කරන ලද ක්‍රියාවලියක කොටසකි. ගෝලීය වසංගතය හේතුවෙන් එල්ල වී ඇති බරපතල ආර්ථික අභියෝග හමුවේ ද්විපාර්ශ්වික සබඳතා ඵලදායී ලෙස පවත්වාගෙන යාම තහවුරු කරමින්, රටට අවශ්‍ය විදේශ සංචිත සුරක්ෂිත කිරීම සහ විදේශයන් හි ශ්‍රී ලංකා දූත මණ්ඩල/දූත කාර්යාල නඩත්තු කිරීම සඳහා වැය කෙරෙන වියදම් අවම කර ගැනීමේ අරමුණින් මෙම ප්‍රතිව්‍යුහගත කිරීම සිදු කෙරේ," යනුවෙන්ද එම නිවේදනයේ දැක්ෙවයි.
 
එම සම්පූර්ණ නිවේදනය පහත පරිදිය.
 
 MediaRelease 1

 

MediaRelease2