ඔමික්‍රෝන් ආසාදිතයින් ඉහළ යාම නිසා ප්‍රංශය කොවිඩ් සීමා දැඩි කරයි

ඔමික්‍රෝන් ආසාදිතයින් ඉහළ යාම නිසා ප්‍රංශය කොවිඩ් සීමා දැඩි කරයි
ඔමික්‍රෝන් ආසාදිතයින් ඉහළ යාම නිසා ප්‍රංශය කොවිඩ් සීමා දැඩි කිරීමට කටයුතුකර තිබේ.
 
මෙම දැඩි සීමාවන් එළැඹෙන වසරේ ජනවාරි මස 03 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි පනවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.
 
එහිදී සමාජ දුරස්ථභාවය තබා ගනිමින් වැඩ කිරීම අනිවාර්යය කර ඇති අතර මහජන රැස්වීම් සඳහා ද සීමාවන් පැනවීමට පියවර ගෙන  ඇත.
 

කෙසේ නමුත් මෙම තත්ත්වය සැලකිල්ලට ගනිමින් රට තුළ ඇදිරිනීතිය පැනවීම සම්බන්ධයෙන් මෙතෙක් කිසිඳු තීරණයක් ගෙන නොමැති බවයි ප්‍රංශ රාජ්‍ය බලධාරීන් නිවේදනය කර ඇත්තේ.

ඔබත් ප්‍රංශයේ සිටින ලාංකිකයෙකු නම් ඉදිරි කාලය වඩාත් අවදානම් බැවින් මෙම සෞඛ්‍ය උපදෙස් හා නීති රීති අනුව කටයුතු කරමින් ආරක්ෂාකාරීව රැඳී සිටින්න.