කුවේට් එයාර්වේස් ගුවන් ගමන් නවතී

කුවේට් එයාර්වේස් ගුවන් ගමන් නවතී

මේ  අනුව  කුවේට්  එයාර්වේස්  ගුවන්  සමාගම  මෙරටට  ගුවන්  ගමන්  සිදුකිරීමෙන්  ඉවත්වී  ඇති  අතර  තවත්  ගුවන්  සමාගම් කිහිපයක්ම මෙරටට සිදුකරන ගුවන් ගමන් අඩුකිරීමට පියවර ගෙන ඇති බවද වාර්තාවේ.

ශ්‍රී ලංකාවේ තිබෙන ඩොලර් අර්බුදය නිසා තමන්ට ලැබිය යුතු  ගෙවීම්  නිසි  පරිදි  සිදු  නොකිරීම  නිසා  මේ  තත්ත්වය  උද්ගතවී තිබේ. ශ්‍රී ලංකාවේ තිබෙන ගුවන් ටිකට්පත් කාර්යාල විසින් අදාළ ගුවන්  සමාගම්වලට  පියවීමට  තිබෙන  මුදල  ප්‍රමාදවීම  නිසා  කුවේට්  ගුවන්  සමාගම  ගුවන්  ගමන්  නතර  කිරීමේ  තීරණය  ගෙන  ඇති  අතර  අනෙකුත්  ගුවන්  සමාගම්  කිහිපයක්ද  ශ්‍රී  ලංකාවට  පියාසර  කිරීමේ  වාර  ගණන  අඩුකර  ඇතැයිද  වාර්තාවේ.

මෙරට ගුවන් ටිකට්පත් අලෙවිකරන ආයතන අදාළ ගුවන් සේවා  සමාගම්වලට  ගෙවීම්  කිරීමට  ප්‍රමාදයක්  ඇතිවී  ඇති  අතර  එයට  හේතු  වී  ඇත්තේ  ඒ  සඳහා  අවශ්‍ය  ඇමරිකානු  ඩොලර් සොයා ගැනීමට අපහසුවීම නිසා බවද පැවසේ.මේ  තත්ත්වය  ඉදිරියේදී  යථා  තත්ත්වයට  පත්වෙමින්  තිබෙන මෙරට සංචාරක කර්මාන්තයටද ඉතා අහිතකර ලෙස බලපා ඇතැයි සංචාරක නියෝජිතයෝ පවසති.

එසේම ඩොලර් ප්‍රශ්නයට අමතරව මෙම ගුවන් සමාගම්වල ගුවන් ගමන් වාණිජමය වශයෙන් ලාභදායී නොවීමද එනම් ගුවන්  ගමන්  සඳහා  දරන  වියදමට  සාපේක්‍ෂව  ලැබෙන  ආදායමද  අවම  මට්ටමක  පැවතීමද  කුවේට්  ගුවන්  සමාගම  ඇතුළු  ඇතැම්  ගුවන්  සමාගම්වල  ගුවන්  වාර  ගණන  සීමා  කිරීමට බලපා ඇති බවද තවදුරටත් වාර්තාවේ.

(මූලාශ්‍රය - දිවයින)