සෞදි රජයෙන් දැඩි තීරණයක් -මේ වැරදි කළොත් දඩ

සෞදි රජයෙන් දැඩි තීරණයක් -මේ වැරදි කළොත් දඩ

Covid 19 ව්‍යාප්තිය පාලනය කර ගැනීමේ අරමුණින් සෞඛ්‍ය අංශ ලබාදුන් සෞඛ්‍ය උපදෙස් පිළිනොපදින  සෞදියේ ජීවත්වන වැසියන්ට දඬුවමක් විඳීමට සිදුවනු ඇති බවට සෞදි ස්වදේශ කටයුතු අමාත්‍යාංශය පසුගියදා නිවේදනයක් නිකුත් කර තිබේ.

එම නිවේදනයට අනුව මුහුණු ආවරණ ( මාස්ක්)  පැළඳීමට අපොහොසත් වන පුද්ගලයින්ට සවුදි රියාල් 1,000 ක  දඩයක් නියම කරන බවද සඳහන් වේ.

දිගින් දිගටම   සෞඛ්‍ය නීති සහ  මාර්ගෝපදේශ උල්ලංඝනය කළහොත් මෙලෙස අයකරන මුදල දෙගුණයක් වන අතර එය උපරිම රියාල් 100, 000ක්  දක්වා ඉහළ යනු ඇති බවත් සෞදි ස්වදේශ කටයුතු අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්.

ඔබත් සෞදියේ සේවය කරන ලාංකිකයෙකු නම් නිවසින් පිටතට යන ඕනෑම අවස්ථාවක මුහුණු ආවරණ පළඳින්න.එළිමහනේ සේවය කරන අයෙක් නම් ඒ සෑම අවස්ථාවකදීම මාස්ක් පළඳින්න.සෞදි රජය විසින් නිකුත්කර තිබෙන සෞඛ්‍ය මාර්ගෝපදේශ අකුරට පිළිපඳිමින් ඔබේ ආරක්ෂාව ඔබම සලසාගන්න.