සෞදියේ සිටින ඔබට වැදගත් නිවේදනයක් සෞදි ලක් තානාපති කාර්යාලයෙන්

සෞදියේ සිටින ඔබට වැදගත් නිවේදනයක් සෞදි ලක් තානාපති කාර්යාලයෙන්
සෞදියේ සේවය කරන ලාංකික ඔබට වැදගත් නිවේදනයක් සෞදි ලක් තානාපති කාර්යාලයෙන් නිකුත්කර තිබේ. එම සම්පූර්ණ නිවේදනය පහතින් දැක්වෙයි.
 
ශ්රී ලංකා තානාපති කාර්යාලය විසින් සංවිධානය කරනු ලබන ජංගම කොන්සියුලර් සේවය 2022.02.11 වන දින (සිකුරාදා) පෙ.ව. 9.00 සිට ප.ව .3.30 දක්වා ඒකාබද්ධ වීසා අයදුම්පත් මධ්යස්ථානය (Unified Visa Application Center), දෙවන මහල, අල් කැතීරි මධ්යස්ථානය, අල් රාකා, අල් කොබාර් 34226 යන ස්ථානයේ පැවැත්වේ.
 
පවත්නා කොව්ඩ් 19 වසංගත තත්වය සැලකිල්ලට ගනිමින් සෞදි අරාබියේ රජය විසින් පනවා ඇති සෞඛ්ය රෙගුලාසිවලට අනුකූලව මෙම ජංගම කොන්සියුලර් සේවය සංවිධානය කරනු ලබයි.
 
එදින පිවිසුම් දොරටුව අසලදී ඔබගේ තවක්කල්නා(Thawakkalna) පරීක්ෂා කරන බව කරුණාවෙන් සලකන්න.
 
වැඩිදුර තොරතුරු හා පැහැදිලි කිරීම් සඳහා කරුණාකර දුල්මිත් වරුණ මහතා, උපදේශක, කොන්සියුලර් ප්රධානී, ශ්රී ලංකා තානාපති කාර්යාලය (0559061438) අමතන්න