ඕස්ට්‍රේලියාවේ යන්න අපේක්ෂාවෙන් සිටින අයට සුබම සුබ ආරංචියක්!

ඕස්ට්‍රේලියාවේ යන්න අපේක්ෂාවෙන් සිටින අයට සුබම සුබ ආරංචියක්!

සියලුම වීසා බලපත් හිමියන් සඳහා ලබන 21 වනදා සිට දේශසීමා විවෘත කිරීමට ඔස්ට්‍රේලියානු ජාතික කැබිනෙට්ටුව අද තීරණය කර තිබේ.

එලෙස පැමිණෙන පුද්ගලයන් කොවිඩ් මර්දන මාත්‍රා 02 ක් ලබා සිටීම අනිවාර්ය බවයි අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් අද පැවති මාධ්‍ය හමුවකදී සඳහන් කළේය.

එක් එක් ප්‍රාන්තය සඳහා ගෙන්වා ගන්නා පුද්ගලයන් සංඛ්‍යාවල උපරිම සීමාවන් ඒ ඒ ප්‍රාන්ත විසින් තීරණය කරනු ඇත.

එමෙන්ම නිරෝධායන රෙගුලාසි සංශෝධන සහ නිරෝධායන මධ්‍යස්ථාන සහ රෝහල් ධාරිතාවයන් පිළිබඳ තීන්දු තීරණ ගැනීමද ඔවුන්ටම පවරා තිබේ.

විවිධ කරුණු මත ඔස්ටේ්‍රලියාවට පැමිණීමට අපේක්ෂාවෙන් සිටින මිලියන ගණනකට මෙම තීරණය හමුවේ සහන සැලසෙනු ඇති බව මෙම මාධ්‍ය හමුවට එක්වූ ස්වදේශ කටයුතු ඇමතිනී කැරන් ඇන්ඩෲස් සඳහන් කර තිබේ.

එන්නත්කරණයෙන් තොරව පැමිණෙන කවරෙකු හෝ ඊට අදාළ නිසි වෛද්‍ය සාක්ෂි රැගෙන ආ යුතු බවද ඇය පැවසීය.

පසුගිය නොවැම්බර් 01 වනදා අර්ධ වශයෙන් දේශ සීමා විවෘත කිරීමෙන් පසු මේ දක්වා ලක්ෂ 03 කට ආසන්න පිරිසක් රටට පැමිණ ඇති බව මෙම මාධ්‍ය හමුවේදී අනාවරණය විය.