ඊශ්‍රායලයෙන් මෙරටට මිලකල නොහැකි පරිත්‍යාගයක්

ඊශ්‍රායලයෙන් මෙරටට මිලකල නොහැකි පරිත්‍යාගයක්

ජාත්‍යන්තර සංවර්ධන සහයෝගිතාව සඳහා වන ඊශ්‍රායල නියෝජිතායනය හරහා (MASHAV) ඊශ්‍රායල රජය විසින් වෙන්ටිලේටර යන්ත්‍ර, පෞද්ගලික ආරක්ෂණ උපකරණ (PPEs) සහ ස්පන්දන ඔක්සිමීටර ඇතුළු වෛද්‍ය උපකරණ තොගයක් ශ්‍රී ලංකාව වෙත පරිත්‍යාග කෙරිණ.

ඊශ්‍රායල රජයේ මෙම පරිත්‍යාගය, කොළඹ විදේශ අමාත්‍යාංශ කාර්යාලයේ පැවති උත්සවයකදී භාර දෙනු ලැබිණ.

111

ඊශ්‍රායල තානාපති නඕර් ගිලොන් විසින් විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ වෙත මෙම උපකරණ තොගය පරිත්‍යාග කෙරිණි. ඊශ්‍රායලයේ නිර්වේතනික කොන්සල් විකී වික්‍රමතුංග ද මෙම අවස්ථාවට සහභාගි විය.



 තවත් පුවත් මෙතැනින්...

ඊශ්‍රායලයේ රැකියා අවස්ථා සම්බන්ධයෙන් රජයෙන් විශේෂ දැනුවත් කිරීමක්!

ඔබ සිටින්නේ ඊශ්‍රායලයේ නම් ඉදිරි කාලය වඩාත් ප්‍රවේශම් වෙන්න!

විදේශිකයින් කිසිවෙකුට රට ඇතුළු වෙන්න බැහැ -ඊශ්‍රායලය දැඩි තීරණයක

කොරියාව, ජපානය හා ඊශ්‍රායලයේ රැකියා අපේක්ෂකයින් මේ ගැන සැලකිලිමත් වෙන්න



 

ශ්‍රී ලංකාව සහ ඊශ්‍රායලය අතර මිත්‍රත්වය සහ සහයෝගිතාවය පිළිබඳ සමීප සබඳතා පවතී. කොවිඩ්-19 වසංගතය ව්‍යාප්ත වූ දා පටන් ඊශ්‍රායලය ශ්‍රී ලංකාව වෙත කොවිඩ්-19 වසංගතයට අදාළව වටිනා ආධාර ප්‍රදානය කොට තිබේ.