එතෙර රැකියාවට යන සුව සේවකයන් පුහුණුවට නව ක්‍රියාමාර්ග

එතෙර රැකියාවට යන සුව සේවකයන් පුහුණුවට නව ක්‍රියාමාර්ග

විදෙස් හෙද සහ සෞඛ්‍ය කාර්යමණ්ඩලයේ රැකියා අවස්ථා වෙනුවෙන් හෙද සහ සෞඛ්‍ය සත්කාර සේවා පුහුණුව සඳහා මාලබේ ප්‍රදේශයේ නව හෙද පුහුණු අධ්‍යාපන ආයතනයක් පිහිටුවීමට පියවර ගෙන තිබේ.

ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ අධික්ෂණය යටතේ ක්‍රියාත්මක එම ආයතනයේ පාලක මණ්ඩලක සහ උපදේශක මණ්ඩලයට පත්වීම් ලිපි භාරදීම රාජ්‍ය අමාත්‍ය, විශේෂඥ වෛද්‍ය සීතා අරඹේපොල මහත්මියගේගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.

seetha

විදෙස් රටවල පවතින හෙද සේවයේ ඉල්ලුමට සරිලන යාවත්කාලීන වූ පාඨමාලා ආරම්භ කරමින් විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරන නිපුණ ශ්‍රමිකයින් විදේස් ගතකිරිමට අවස්ථා මෙමගින් හිමිවන අතර අන්තර්ජාතික පිළිගැනිමක් ඇති හෙද සේවයේ උසස් ඩිප්ලෝමා සහතිකය මෙම ආයතනය හරහා ප්‍රදානය කිරිමට නියමිතය.

මෙරට පවතින පුද්ගලික අංශයේ රෝහල් සමග එක් වෙමින් පාඨමාලා අවසානයේදී රැකියාගත පුහුණු අවස්ථාද ලබාදීමට සැලසුම් කර තිබේ.