අනුමැතියකින් තොරව රට රැකියා සම්මුඛ පරීක්ෂණ පැවැත්වු  විදේශීය විදේශ රැකියා එජන්සිකරු හසුවෙයි

අනුමැතියකින් තොරව රට රැකියා සම්මුඛ පරීක්ෂණ පැවැත්වු  විදේශීය විදේශ රැකියා එජන්සිකරු හසුවෙයි

ශ්‍රී ලංකා විදේශ සේවා  නියුක්ති කාර්යාංශයේ  අනුමැතියකින් තොරව නීතී විරෝධී ලෙස විදේශ රැකියා ලබා දීම සඳහා තරුණ තරුණියන් කැඳවා සම්මුඛ පරීක්ෂණ  පවත්වමින්, විදේශීය විදේශ රැකියා  එජන්සි ආයතනයක හිමිකරුවෙකු විසින් කරගෙනගිය විදේශ රැකියා ජාවාරමක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ  විශේෂ විමර්ශන  අංශයේ  නිලධාරීන් විසින්  හසුකරගෙන ඇත ගෙන ඇත.

ඩුබායි රාජ්‍යයයේ  විදේශ රැකියා නියෝජිතායතනයක්  පවත්වාගෙන යන ශ්‍රීලාංකික පුද්ගලයෙකු විදේශ රැකියා ලබා දෙන බවට  පවසා, සමාජ මාධ්‍ය  මගින් ප්‍රචාරය කර තරුණයන් කැඳවා සම්මුඛ පරීක්ෂණ  පවත්වන බවට ලද තොරතුරක් අනුව ක්‍රියාත්මක වු  ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති  කාර්යාංශයේ  විශේෂ විමර්ෂන අංශයේ නිලධාරීන්  මරදාන ප්‍රදේශයේ  අදාල ස්ථානයට ගොස්  මෙම විදේශ රැකියා ජාවාරම හසුකරගෙන ඇත. ඩුබායි රාජ්‍යයයේ  ටැක්සි රියදුරන් ලෙස රැකියා ලබා දෙන බව පවසා මෙලෙස සම්මුඛ පරීක්ෂණ පවත්වා ඇති අතර.  එජන්සි හිමිකරු මාලිගාකන්ද  මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇප මත මුදා  හැර ඇත . මෙම මස 15 වන දින නැවත අධිකරණයේ පෙනී සිටින ලෙසද  නියෝග කරන ලදී.

1985 අංක 21 දරන ශ්‍රීලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ පනත අනුව විදේශ රැකියා ඒජන්සි ආයතන හිමියන් විසින් විදේශ රැකියා සඳහා පුද්ගලයින් බඳවා ගැනීමට සහ සම්මුඛ පරීක්ෂණ පැවැත්වීමට ශ්‍රීලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පූර්ව අනුමැතිය ලබාගත යුතුය.