විදේශ රැකියා ආයතන මුහුණ දෙන අභියෝග සහ ගැටළු නිරාකරණයට

විදේශ රැකියා ආයතන මුහුණ දෙන අභියෝග සහ ගැටළු නිරාකරණයට

2022 වර්ෂය තුළදී ශ්‍රී ලාංකිකයින් ලක්ෂ 3ක් රැකියා සඳහා විදේශගත කිරීමේ ජාතික මෙහෙවර සාර්ථක කරගැනිම  සහ එම අරමුණ  කරා ළගාවිමේදි විදේශ රැකියා ආයතන මුහුණ දෙන අභියෝග සහ ගැටළු නිරාකරණය කරගැනිම සදහා  වයඹ සහ අවට විදේශ රැකියා බලපත්‍රලාභි එකමතුව විසින් සංවිධානය කරනු ලැබු සුහද හමුව  2022.02.11 වන දින කුරුණෑගල අස්ලිය උත්සව ශාලාවේදී පැවැත්වුණි.

මෙම අවස්ථාවට විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළදපල විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න , අමාත්‍යාංශ ලේකම්  රෝහණ පුෂ්පකුමාර , වි‍දේශ සේවා නියුක්ති කාර්යාංශ  සභාපති  මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ, සාමාන්‍යාධිකාරි ඩි.ඩි.පී. සේනානායක, අතිරේක සාමාන්‍යාධිකාරි මාධව දේශප්‍රිය , අතිරේක සාමාන්‍යාධිකාරි මංගල රන්දෙනිය  වයඹ විදේශ රැකියා බලපත්‍රලාභි සංගමයේ සභාපති නිමල් විජේසිංහ යන මහත්වරුන් ඇතුළු එම සංගමයේ නිළධාරින්  එක්ව සිටිහ.