ලාංකිකයන් පිරිසක් යුක්‍රේනයෙන් පිටවෙන්න පෝලන්ත බෝඩරයට එයි

ලාංකිකයන් පිරිසක් යුක්‍රේනයෙන් පිටවෙන්න පෝලන්ත බෝඩරයට එයි

යුක්‍රේනයේ කොටුවී සිටින ශ්‍රී ලාංකිකයින් 20 දෙනෙකු යුක්‍රේන – පෝලන්ත දේශසීමාව ආසන්නයේ මේ වනවිට යුක්‍රේනයෙන් පිටවීමේ අපේක්ෂාවන් රැඳී සිටින බව අන්කාරාහි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

තුර්කි, ජෝර්ජියා සහ යුක්‍රේනයේ ශ්‍රී ලංකා තානාපති එම්.ආර් හසන් මහතා පැවසුවේ ඔවුන් ශ්‍රී ලංකාවට පැමිණීම සඳහා එලෙස පෝලන්තය හරහා ගමන් කරන බවය.

දේශ සීමා බලධාරීන්ට ද එම ශ්‍රී ලාංකිකයින් සම්බන්ධයෙන් දැනුම් දී ඇතැයි පැවසේ.

යුක්‍රේනයේ කොටුවී සිටින ශ්‍රී ලාංකික සිසුන් ඇතුළු පිරිස පෝලන්තය හරහා මෙරටට ගෙන්වා ගැනීමට මේ වනවිට සාකච්ඡා කර ඇති බව තානාපති එම්.ආර්. හසන් මහතා මාධ්‍ය වෙත පවසා තිබේ.

(ශ්‍රී ලංකා මිරර්)