ආණමඩුව විදෙස් රැකියා පොළට විශාල පිරිසක්

anamaduwa-migrant

2022 වසරේදී විදේශ රැකියා සඳහා ශ්‍රී ලාංකික ලක්ෂ තුනක් යොමු කිරීමේ ජාතික වැඩසටහන යටතේ පැවැත්වූ පළමු විදේශ රැකියා පොළ වැඩසටහන2022.02.27 දින ආණමඩුව සුදම්පාය නගර ශාලාවේදී සාර්ථකව පැවැත්විණි.

විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොල විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න හා ක්‍රිඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම රැකියා පොළ පැවැති අතර විදේශරැකියා සඳහා යාමට බලාපොරොත්තු විශාල තරුණ තරුණියන් පිරිසක් මේ සඳහා සහභාගි විය.

මෙම අවස්ථාවට සහභාගි වූ රැකියා අපේක්ෂිතයින්හට මැදපෙරදිග හා මැදපෙරදිග නොවන රටවල ඉහල වැටුප් සහිත රැකියා ඇබෑර්තු, වෘත්තිය නිපුණතා සංවර්ධනයට වෘත්තිය පුහුණු ආයතනවල මගපෙන්වීම, විදේශ රැකියා ඉලක්ක කරගත් වෘත්තිය පුහුණු පාඨමාලා සඳහා සිසුන් ඇතුළත් කර ගැනීම, විදේශ රැකියා සඳහා රාජ්‍ය බැංකුවලින් සහනදායි ණය පහසුකම් වැනි සේවාවන් ලබාගැනීමේ අවස්ථාව හිමිවිය.

බලපත්‍රලාභි විදේශ නියෝජිතායතන රැසක්ද එම අවස්ථාවට සහභාගි වූ අතර, එදින රාත්‍රියේ ද.මු.දසනායක ක්‍රිඩාංගනයේදී රොෂාන් ප්‍රනාන්දු ප්‍රමුඛ ෆ්ලෑෂ් බෑක් සංගීතයෙන් හැඩවන සංගීත ප්‍රසංගයක්ද පැවැත්විය.

විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොල විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න මහතාගේ උපදෙස් පරිදි මෙම වැඩසටහනදිවයින පුරා පැවැත්වීමට කටයුතු සංවිධානය කරන අතර රාජ්‍ය අමාත්‍යාංශය හා විදේශ සේවා නියුක්ති කාර්යාංශය එක්ව මෙය සංවිධානය කරයි.