වැඩි මිලට ඩොලර් ගන්නෙ බලාගෙනයි

වැඩි මිලට ඩොලර් ගන්නෙ බලාගෙනයි

විදේශ විනිමය පනතෙහි විධිවිධාන යටතේ වැල්ලවත්තේ පිහිටි මුදල් හුවමාරු මධ්‍යස්ථානයක බලපත්‍රය ඊයේ (31) සිට බලපැවැත්වෙන පරිදි තාවකාලිකව අත්හිටුවීමට ශ්‍රී ලංකා මහ බැංකුව තීරණය කර තිබෙන බව වාර්තා වේ.

මහබැංකුවේ අනුමත මිල ගණන්වලට වඩා වැඩි මුදලක් ගෙවා ඇමෙරිකානු ඩොලර් මිලදී ගන්නා බවට ලද පැමිණිල්ලකට අනුව මෙම මුදල් හුවමාරු මධ්‍යස්ථානයේ බලපත්‍රය තාවකාලිකට අත්හිටුවා ඇත.

මෙලෙස මුදල් හුවමාරු කිරීමේ බලපත්‍රය අත්හිටුවා තිබෙන්නේ ප්‍රසන්න මනී එක්ස්චේන්ජ් පුද්ගලික සමාගම බවට තොරතුරු අනාවරණය වී තිබෙන අතර අදාළ සමාගම ඇමෙරිකා ඩොලරයකට රුපියල් 350ත් 375ත් අතර මුදලක් ගෙවන බවට ඉකුත් දිනවල ජනතාව අතර තොරතුරු පැතිර ගොස් ඇත.

මෙම තීරණයට අනුව 31 වෙනි දින සිට  බලපැවැත්වෙන පරිදි අදාළ සමාගමට බලයලත් මුදල් හුවමාරු කරන්නෙකු ලෙස මුදල් හුවමාරු කිරීමේ කටයුතුවල යෙදීමට තවදුරටත් අවසර හිමි නොවනු ඇත.