කටාරයේ රැකියා අපේක්ෂාවෙන් සිටින ඔබට සුබ ආරංචියක්!

කටාරයේ රැකියා අපේක්ෂාවෙන් සිටින ඔබට සුබ ආරංචියක්!
2022 වර්ෂයේදී විදේශ රැකියා සඳහා ශ්‍රි ලාංකිකයින් 300,000 ක් යොමුකිරීමේ ජාතික වැඩසටහනට සමගාමීව දෝහා කටාර් රාජ්‍යයේ රැකියා සඳහා ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් වැඩි වශයෙන් යොමුකිරීමේ අවස්ථාවන් පිළිබඳව සලකා බැලීම සඳහා ශ්‍රි ලංකා දූත පිරිසක් පසුගියදා කටාරයේ නිල සංචාරයක නිරත වෙමින් සිටියි.

ක්‍රිඩා හා තරුණ කටයුතු අමාත්‍ය නාමල් රාජපක්ෂ, විදේශ රැකියා ප්‍රවර්ධන හා වෙළඳපොල විවිධාංගිකරණ රාජ්‍ය අමාත්‍ය පියංකර ජයරත්න හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය ඩී.වී.චානක, ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති මේජර් ජනරාල් මහින්ද හතුරුසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම සංචාරයට එක්ව සිටිති.


සැබැඳි පුවත් :
 


 
එහිදී නියෝජිත පිරිස කටාර්හි ජාත්‍යන්තර සම්බන්ධතා අධ්‍යක්ෂ මේජර් ජනරාල් අබ්දුල් අසීස් අල් අන්සාරි මහතා හමුවූ අතර, එහිදී ශ්‍රි ලාංකිකයින්ට වැඩි රැකියා අවස්ථාවන් ලබා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇත.

විදේශ රැකියා වැඩි වශයෙන් ලබාගැනීම ශ්‍රි ලාංකික තරුණ ප්‍රජාව අතර පවතින රැකියා වියුක්තියට විසඳුමක් මෙන්ම රටේ පවතින ඩොලර් හිගයටද විසඳුමක් වන බව නාමල් රාජපක්ෂ මහතා මෙහිදී ප්‍රකාශ කළේය.