ඊශ්‍රායලයේ තවත් වෙඩි තැබීමක් -දෙදෙනෙක් මරුට

ඊශ්‍රායලයේ තවත් වෙඩි තැබීමක් -දෙදෙනෙක් මරුට
ඊශ්‍රායලයේ ටෙල් අවීව් නුවර ජෆා පළාතේ මුස්ලිම් පල්ලියක් ඉදිරිපිට සිදුවුණු වෙඩි තැබීමකින් දෙදෙනෙකු මරණයට පත්වී තවත් 10 දෙනෙකු තුවාල ලබා රෝහල්ගතකර ඇථි බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.
 
වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇත්තේ වයස අවුරුදු 28 සහ 27ක වයස්වල පසුවෙන තරුණයින් දෙදෙනෙකු වන අතර තුවාල ලැබූ අයගෙන් එක් අයෙක් කාන්තාවක් වන බවත් පැවසෙයි.
 
එමෙන්ම තුවාල ලැබූ අයගේ තත්ත්වය බරපතල නොවෙන බවයි ඊශ්‍රායල් පුවත් සේවා වාර්තා කර ඇත්තේ.
 

වෙඩි තැබීම සිදුකළ තැනැත්තා ඊශ්‍රායල් පොලිස් වෙඩි පහරින් මරණයට පත්ව තිබෙන අතර සිද්දිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශනයක් ආරම්ඹකර ඇති බවත් සඳහන්.