විදෙස්ගත ශ‍්‍රී ලාංකිකයන් දිරි ගැන්වීමේ නව වැඩසටහනක්

විදෙස්ගත ශ‍්‍රී ලාංකිකයන් දිරි ගැන්වීමේ නව වැඩසටහනක්

විදෙස්ගත ශ‍්‍රී ලාංකිකයින් මෙරට ආයෝජනය සඳහා පේ‍්‍රශණය කිරීමේදී එය දිරිගැන්වීම සඳහා විශේෂ වැඩසටහනක් පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය ක‍්‍රියාත්මක කර තිබෙනවා.

ඒ අනුව නව ව්‍යාපෘති සඳහා මෙරටට මුදල් යොමු කිරීමේදී පළාත් සභා හා පළාත් පාලන ආයතනවලින් පූර්ණ සහයෝගය ලබාදෙන බවයි විෂය භාර රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක මහතා ප‍්‍රකාශ කලේ.

රටේ පවතින ඩොලර් අර්බුදයට විසඳුමක් ලෙස විදෙස්ගත ශ‍්‍රමිකයින් මෙරටට ඩොලර් එවීම දිරිගැන්වීම සඳහා මෙම පියවර ගන්නා බවයි රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ.