ඕස්ට්‍රේලියාවේ මහ මැතිවරණයට ලාංකික නියෝජනයක්

ඕස්ට්‍රේලියාවේ මහ මැතිවරණයට ලාංකික නියෝජනයක්

ඕස්ට්‍රේලියාවේ 47 වැනි පාර්ලිමේන්තුවට මන්ත්‍රීවරුන් තෝරා පත්කරගනු ලබන ෆෙඩරල් මැතිවරණය සඳහා ඕස්ට්‍රේලියාවේ, ස්කලින් ඡන්ද කොට්ඨාසය නියෝජනය කරමින් ශ්‍රී  ලාංකික තරුණයෙකු ඉදිරිපත්ව සිටින බව වාර්තා වේ.

විරෝෂ් පෙරේරා වන මොහු ලිබරල් පක්ෂය නියෝජනය කරමින් ඕස්ට්‍රේලියාවේ ඡන්දයට ඉදිරිපත්වී තිබෙන අතර මරදාන ශාන්ත ජෝශප් විද්‍යාලයේ ආදි සිසුවකුද වෙයි.

ව්යාරපාර කළමනාකරණය හා අලෙවිකරණ ක්ෂේත්‍ර යේ කථිකාචාර්යවරයකු මෙන්ම පර්යේෂකයකු  ලෙස වසර 13 ක අත්දැකීම් බහුල වෘත්තිකයකු ලෙස විරෝෂ් හැඳින්විය හැකිය.