ශ්‍රී ලාංකික කාන්තාවක් පළමුවරට ඕස්ට්‍රේලියා පාර්ලිමේන්තුවට

ශ්‍රී ලාංකික කාන්තාවක් පළමුවරට ඕස්ට්‍රේලියා පාර්ලිමේන්තුවට

ඕස්ට්‍රේලියාවේ පාර්ලිමේන්තුව සඳහා සාමාජිකයන් තෝරා පත් කරගැනීම සඳහා  පැවැත්වූ මැතිවරණයේදී ශ්‍රී ලංකාවේ උපත ලද කැසන්ඩ්‍රා ප්‍රනාන්දු මහත්මිය ජයග්‍රහණය කළාය.

කැසැන්ඩ්‍රා ප්‍රනාන්දු මහත්මිය හෝල්ට් ආසනය සඳහා කම්කරු පක්ෂය නියෝජනය කරමින් තරඟ වැදුණු අතර, ඇය ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුව නියෝජනය කරන ශ්‍රී ලංකාවේ උපත ලද ප්‍රථම කාන්තාව වන්නීය.

හෝල්ට් ඡන්ද කොට්ඨාසයේ තවත් ශ්‍රී ලාංකික සම්භවයක් සහිත අපේක්ෂකයෙක් වූ රන්ජ් පෙරේරා මහතා පරාජයට පත් කරමින් ඇය පාර්ලිමේන්තුවට තේරී පත් වූවාය.