අප්‍රිකාවට පමණක් සීමා වූ වඳුරු උණ වෛරස් රෝගය අදවනවිට යුරෝපා රටවලින්,ඇමරිකාවෙන් සහ කැනඩාවෙන්ද වාර්තා වී තිබෙන අතර ඊශ්‍රායලය අයත්වන මැදපෙරදිග කලාපය වඳුරු උණ වෛරසය පැතිරීමේ අවදානමක් මතුව තිබෙන බව පැහැදිලි වෙයි.
මේවනවිට ලෝක මට්ටමින් වාර්තා වී ඇති වඳුරු උණ රෝගීන් ගණන 100කට අධික සංඛ්‍යාවකට ආසාදනය වී තිබෙන නමුත් ජීවිත හානි කිසිවක් වාර්තා වී නොමැත.
මහා බ්‍රිතාන්‍ය, ප්‍රංශය,ජර්මනිය,ස්විට්සර්ලන්තය,බෙල්ජියම,ඉතාලිය,පෘතුගාලය,ස්පාඤ්ඤය, ස්වීඩනය සහ ඕස්ටේලියාවෙන් වඳුරු උණ රෝගීන් වාර්තා වී තිබෙන අතර අලුතින් වාර්තා වී ඇත්තේ ඊශ්‍රායලයෙනි.
ඔබත් ඊශ්‍රායලයේ ජීවත්වෙන අයෙක් නම් ප්‍රවේශමෙන් කටයුතු කරන්න.
