කටාර් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය ශ්‍රී ලාංකිකයෙකුට හිමිවෙයි

කටාර් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය ශ්‍රී ලාංකිකයෙකුට හිමිවෙයි
කටාර් ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට ශ්‍රී ලාංකිකයෙකු වන රිස්ලාන් ඉක්බාර් පත් කර තිබෙනවා. මීට පෙර ඔහු කටාර් ක්‍රිකට් කණ්ඩායමේ උපනායකයා ලෙසද කටයුතු කළා. 37 හැවිරිදි රිස්ලාන් ඉක්බාර් 2001 වසරේ සිට 2004 වසර දක්වා මහනුවර ක්‍රීඩා සමාජයට ක්‍රීඩා කර තිබෙනවා.
 

2004 වසරේදී ඔහු වයස අවුරුදු 19න් පහළ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරමින් ආසියානු ක්‍රිකට් කවුන්සිලය සහ ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය යටෙත් පැවැති විස්සයි විස්ස තරග වලටද ක්‍රීඩා කර තිබෙනවා. 

ඔහු කටාර් ක්‍රිකට් කණ්ඩායම සමඟ එක් වී ඇත්තේ 2010 වසරේදීයි. රිස්ලාන් ඉක්බාර් කඩුලු රකින්නෙකු සහ මැද පෙළ පිතිකරුවෙකු ලෙස කටාර් ක්‍රිකට් කණ්ඩායමට සිය දායකත්වය ලබා දෙනවා.