කටාරයේ මාර්ග තදබදය අවම කිරිම සඳහා නව ක්‍රියාමාර්ග

කටාරයේ මාර්ග තදබදය අවම කිරිම සඳහා නව ක්‍රියාමාර්ග

මාර්ග තදබදය වළක්වා ගැනීම සඳහා දෝහා මෙට්‍රෝ ‘පාර්ක් ඇන්ඩ් රයිඩ්’ සේවාව භාවිතා කරන ලෙස කටාර් රේල් දෝහා මෙට්‍රෝ හි මගීන්ට උපදෙස් දී ඇති බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි. .

දෝහා මෙට්‍රෝ දුම්රිය ස්ථාන 12 කදී ‘පාර්ක් ඇන්ඩ් රයිඩ්’ සේවාව ලබා ගත හැකි අතර මෙහි වාහන නැවැත්වීමේ මුළු ධාරිතාව වාහන 18,500 ක් පමණ වන අතර, මෙමගින් පාරිභෝගිකයින්ට සිය වාහනය රථ ගාල තුල නවතා මෙට්‍රෝවෙන් ඔවුන්ගේ ගමන් සිදු කිරීමට ඉඩ සලසයි.

FIFA ලෝක කුසලාන කටාර් 2022 අන්තර් මහද්වීපික තරඟාවලිය ඕස්ට්‍රේලියාවට එරෙහිව පේරු සහ කොස්ටාරිකා එදිරි නවසීලන්තය අතර පිළිවෙළින් ජූනි 13 සහ 14 යන දිනවල අහමඩ් බින් අලි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරග වලදී මෙම සේවාව ඉතා වැදගත් වේ.

සෑම විනාඩි 10 කට වරක් බස් රථ Al Bidda Station සහ Al Riffa Mall of Qatar Station අතර ක්‍රියාත්මක වෙන අතර මාර්ග දෙකෙහිම බසය වයිට් පැලස් නැවතුම්පොළ හැර අනෙකුත් සියලුම ස්ථානවල නවත්වන බවත් සඳහන්.

ඔබත් කටාරයේ සේවය කරන ලාංකිකයෙකු නම් ඔබටද මේ තොරතුරු අතිශය වැදගත්වෙනු ඇත.