කුවේටයේදී මේ වැරැද්ද කොළොත් නම් දැඩි දඬුවම්

කුවේටයේදී මේ වැරැද්ද කොළොත් නම් දැඩි දඬුවම්
අධික සූර්ය රශ්මිය හේතුවෙන් ශ්‍රමිකයින්ට සිදුවේය හැකි හානි වළක්වා ගැනීම සඳහා මධ්‍යහන වේලාවන්හිදී එළිමහනේ වැඩ කිරීම කුවේටය තුළ නීතියෙන් තහනම් කර ඇති අවදියක එම නීති කඩ කරමින් එළිමහනේ රාජකාරි කළ ශ්‍රමිකයින් 243 දෙන්කු අත් අඩංගුවට ගෙන ඔවුන්ට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කුවේට් පොලිසීය කටයුතු කර තිබේ.
 
දින හතරක් වැනි කාලයකදී සිදුකළ පරීක්ෂා කිරීම්වලදී මෙම පිරිස හඳුනාගෙන තිබෙන අතර ඔවුන් අතරින් ඉදිකිරීම් කම්කරුවන් 113ක්,බෙදා හැරීමේ සේවකයින් 96ක්,පිරිසිදු කරන්නන් 26ක් සහ මාර්ග සේවකයින් 8 දෙනෙකු වන බවයි සඳහන් වෙන්නේ.
 

මධ්‍යහන කාලයේදී එළිමහනේ සේවය කිරීම නීතියෙන් තහනම් කර තිබෙන කාලයක කුවේටයේ  සේවය කරන ඔබ මේ නීති උල්ලංඝනය නොකර සිටීමට වගබලා ගන්න.