කුවේටය වීසා නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

කුවේටය වීසා නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

කුවේට් රාජ්‍ය බලධාරීන් විසින් පවුල් සහ සංචාරක වීසා නිකුත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට තීඅණය කර තිබෙන බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

නැවත දැනුම්දෙන තෙක් අදාළ තීරණය ක්‍රියාත්මක වෙන බවයි කුවේට් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් නිවේදනය කර ඇත්තේ.

පවුල් සහ සංචාරක වීසා නිකුත් කිරීමේ නව ක්‍රමවේදයක් හඳුන්වාදීමේ අරමුණින් මෙම තීරණය ගෙන තිබෙන අතර නැවත දැනුම්දෙන තෙක් මෙම තීරණය ක්‍රියාත්මක වෙන බවත් අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය දැනුම් දී තිබේ.