‘ශ්‍රී ලංකාවට යන්න එපා’ රටවල් දෙකක් හදිසියේ තීරණය කරයි

‘ශ්‍රී ලංකාවට යන්න එපා’ රටවල් දෙකක් හදිසියේ තීරණය කරයි

අත්‍යාවශ්‍ය කරුණකට හැර ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වළකින ලෙස බ්‍රිතාන්‍ය සහ නවසීලන්තය එම රටවල පුරවැසියන්ට දැනුම් දී තිබෙන බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

බ්‍රිතාන්‍ය සහ නවසීලන්තය විසින් සිය රටේ සංචාරක උපදේශන යාවත්කාලීන කරමින් මෙම තීරණය ගෙන තිබෙන බවයි වාර්තා වෙන්නේ.

මෙම තීරණය ගැනීමට මූලිකවම හේතු වී ඇත්තේ වර්තමානයේ වනවිට ශ්‍රී ලංකාවේ පවතින ආර්ථික අස්ථාවරත්වය නිසා බවත් විශේෂයෙන් ඖෂධ,ගෑස්,ඉන්ධන සහ ආහාර ඇතුළුව අත්‍යාවශ්‍ය භාණ්ඩ හිඟයක් ලංකාව තුළ තිබීම බව සඳහන්.

මීට අමතරව විදුලි කප්පාදුව, විරෝධතා පැවැත්වීම්, හදිසියේ මාර්ග වසා දැමීම් සහ උද්ඝෝෂණ ශ්‍රී ලංකාව තුළ පැවැත්වෙන බව ද ඔවුන් සිහිපත් කර තිබේ.

මේ හේතුවෙන් අත්‍යාවශ්‍ය කරුණකට හැර ශ්‍රී ලංකාවට සංචාරය නොකරන ලෙසට වැඩිදුරටත් බ්‍රිතාන්‍ය සහ නවසීලන්තය දැනුම් දී ඇත.