කටාරය විදේශිකයින් 12,000ක් රැකියා සඳහා බඳවා ගැනීමේ සූදානමක්

කටාරය විදේශිකයින් 12,000ක් රැකියා සඳහා බඳවා ගැනීමේ සූදානමක්

කටාර් විසින් 2022 පාපන්දු ලෝක කුසලානය සඳහා කටාර්හි මහල් නිවාස සහ හෝටල් කාමර 65,000 ක් ක්‍රියාත්මක කිරීම සඳහා තාවකාලික විදේශීය සේවකයින් 12,000 ක් බඳවා ගැනීමට තීරණය කර ඇත.කටාර් විසින් තාවකාලික මෙහෙයුම කළමනාකරණය කිරීම සඳහා යුරෝපයේ විශාලතම හෝටල් ක්‍රියාකරු වන Accor
සමග ගිවිසුම් ගතව ඇත.

"කාමර 65,000ක් යනු හෝටල් 600ක් විවෘත කිරීම හා සමානයි, එබැවින් එයට සේවය කිරීම සඳහා ප්‍රමාණවත් පුද්ගලයින් බඳවා ගැනීමට අපි කැපවී සිටිමු" යනුවෙන් Accor හි සභාපති සහ ප්‍රධාන විධායක නිලධාරී සෙබස්තියන් බසින් රොයිටර් පුවත් සේවයට පැවසීය. කටාර් හි නිල ලෝක කුසලාන නවාතැන් වෙබ් අඩවියට මේ වන විට ඇනවුම් කිරීම් 25,000 ක් පමණ ලැබී ඇති අතර කාමර 100,000 කට වැඩි ප්‍රමාණයක් ලබා දෙන බව තරඟාවලි සංවිධායකයින් සඳහා නවාතැන් පිළිබඳ විධායක අධ්‍යක්ෂ ඔමාර් අල් ජාබර් වාර්තාකරුවන්ට පැවසීය.