ලාංකිකයින්ට කොරියාවේ වැඩි රැකියා අවස්ථා සමඟ ජාත්‍යන්තර මට්ටමේ තාක්ෂණික පුහුණුවක්

ලාංකිකයින්ට කොරියාවේ වැඩි රැකියා අවස්ථා සමඟ ජාත්‍යන්තර මට්ටමේ තාක්ෂණික පුහුණුවක්
ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ට කොරියාවෙි වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් ලබා දීම පිළිබඳව සහ මෙරට සිටින   ශ්‍රම බලකායට ජාත්‍යන්තර මට්ටමේ තාක්ෂණික පුහුණුවක් ලබාදීම පිළිබඳව අවධානය යොමු කිරීම සඳහා වන සාකච්ඡාවක් මෙරට සිටින කොරියානු තානාපති සන්තොශ් වට්චින්ග් හ කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අතර ඊයෙ විශේෂ සාකච්ඡාවක් පැවැත්විණි.
 
korea
 
මෙම සාකච්ඡාවේදී දකුණු කොරියාව සහ ලංකාව අතර කම්කරු  ක්ෂේත්‍රය  සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු  කළ අතර කොරියාවේ පවතින දියුණු තාක්ෂණය ලංකාවේ තරුණ ශ්‍රමිකයින්ට ලබා දීමේ වැදගත්කම සම්බන්ධයෙන් ද මනුෂ නානායක්කාර ඇමතිවරයා පැහැදිලි කළ අතර එයට දකුණු කොරියානු තානාපති වරයාගෙන්  සුබවාදී ප්‍රතිචාරයක් හිමි වූ බවත් සඳහන්.
 
ඒ අනුව  කොරියාවෙ ඉහල තාක්ෂණයක් ඇති ආයතන වල ඉංජිනේරු සහ තාක්ෂණ ක්ෂේත්‍රයේ  ප්‍රවීණයින්  මෙරටට පැමිණ පාසල් හැර දිය සහ රැකියා අපේක්ෂාවෙන් පසුවෙන තරුණ තරුණියන් සඳහා  වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය  පියවර ගන්නා බවට මෙම සාකච්ඡාවේදී සහතික වී තිබේ.

 

මෙරට ශ්‍රමිකයින්ට  කොරියාවේ රැකියා අවස්ථා වැඩි ප්‍රමාණයක් ලබාදීම සම්බන්ධයෙන් මෙහිදී අමාත්‍යවරයා සාකච්ඡා කළ අතර වසර දහයකට වඩා වැඩි කාලයක් කොරියාවේ සේවයකර  මෙරටට පැමිණි ශ්‍රමිකයින්ට  නැවත වරක් රැකියා අවස්ථා ලබා ගැනීමට ඇති හැකියාව ගැන සලකා බලන ලෙසද ඉල්ලීමක්කර තිබේ.එවැනි ශ්‍රමිකයින්ට ලබාදිය යුතු E7 වර්ගයේ වීසා ලංකාව්‍ර ශ්‍රමිකයින්ට ලබා දීමට කළ ඉල්ලීම සම්බන්ධයෙන්ද කොරියානු රජයේ අවදානය යොමු කිරීමටද තානාපතිවරයා සහතික වී තිබේ.