මාලදිවයිනට පැමිණ සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරෙහිව එරට ජනතාව විරෝධතා ආරම්භ කර තිබෙනවා.
මාලදිවයින් මාධ්‍ය වාර්තා කර සිටියේ ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයාට එරටට පැමිණීමට ඉඩ ලබාදීම සම්බන්ධයෙන් එරට රජයට ද ජනතාව චෝදනා එල්ල කරමින් සිටින බවයි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට එරහිව ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක අරගලයට තමන්ද සහය දක්වන බවයි මාලදිවයිනේ අගනුවර වන මාලේ හි විරෝධතා දක්වන පිරිස් සඳහන් කරන්නේ