ලක්ෂ එකහමාරකට අධික පිරිසකට එතෙර රැකියා වරම්

ලක්ෂ එකහමාරකට අධික පිරිසකට එතෙර රැකියා වරම්

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින ආර්ථික සහ දේශපාලන අර්බුදය මධ්‍යයේ ශ්‍රී ලාංකිකයන් 150,000 කට අධික සංඛ්‍යවක් ජනවාරි මස සිට විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් තිබේ.

විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසන්නේ මෙම වසරේ ජනවාරි මස සිට මෙම මස (ජූලි) පළමු සතිය දක්වා කාලය තුළ පුද්ගලයන් 156,179 ක් රැකියා සඳහා විදේශගත ඇති බවත් ඉන් පුද්ගලයන් 100,767 ක් ඔවුන්ගේ පෞද්ගලික මාර්ගවලින් ද, පුද්ගලයන් 55,411 ක් විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ බලපත්‍රය සහිතව ද පිටත්ව ගොස් ඇති බවත්ය.

මෙම පිරිසෙන් වැඩි සංඛ්‍යාවක් මැද පෙරදිග රටවල්වලට පිටත්ව ගිය බව කියන විදේශ සේවා නියුක්ති කාර්යාංශය තවත් පිරිසක් දකුණු කොරියාව සහ ජපානය රටවල්වලට ද පිටත්ව ගොස් ඇති බවත් එම කාර්යංශය කියයි.

එහිදී කුවේට්වලට පුද්ගලයන් 39,216 ක්, කටාර් රාජ්‍යයට 36,229 ක්, සෞදි ආරාබියට 26,098 ක්, දකුණු කොරියාවට 3,219 ක් සහ ජපානයට 2,570 ක් ජනවාරි මස සිට පිටත්ව ගොස් ඇති බවත් විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.

පසුගිය ජූනි මස පමණක් පුද්ගලයන් 27,937 ක් විදේශ රැකියා සඳහා පිටත්ව ගොස් ඇති බවත් ඉන් 18,083 ක් ලියාපදිංචිව ගොස් ඇති බවත් එම කාර්යාංශය සඳහන් කරයි.