ගෙවුණු පැය 24ට ඉතාලියට නීති විරෝධී සංක්‍රමණිකයින් 1200ක්

ගෙවුණු පැය 24ට ඉතාලියට නීති විරෝධී සංක්‍රමණිකයින් 1200ක්
ගතවූ පැය විසි හතරක කාලය තුළ ඉතාලියට නීතිවිරෝධී සංක්‍රමණිකයින් 1,200 කට ආසන්න පිරිසක් ළඟාවී තිබේ. 
 
 අප්‍රිකානු සහ මැදපෙරදිග රටවල සිට මෙම නීතිවිරෝධී සංක්‍රමණිකයින් මුහුදු මාර්ගය ඔස්සේ පැමිණ ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
 
ප්‍රමාණය ඉක්මවා පිරිස් රැගත් යාත්‍රාවක සිටි නීතිවිරෝධී සංක්‍රමණිකයින් 674 දෙනෙකු ආරක්ෂිතව මුදාගෙන ඇති අතර, එම යාත්‍රාවේ තිබී මියගිය පස්දෙනෙකුගේ සිරුරුද සොයාගෙන තිබේ. 
 
එමෙන්ම තවත් යාත්‍රා 15 කින් ලැම්පදූසා වෙත පැමිණි 522 කුද ආරක්ෂිතව මුදාගෙන ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
 
යුරෝපයට ළඟාවීමට නීතිවිරෝධී සංක්‍රමණිකයින් භාවිත කරන ප්‍රධාන වරායක් ලෙස ලැම්පදූසා වරාය සැළකෙයි.