ලාංකිකයි රැසකගේ කොරියානු රැකියා සිහිනය මල්ඵල ගැන්වෙයි

ලාංකිකයි රැසකගේ කොරියානු රැකියා සිහිනය මල්ඵල ගැන්වෙයි
දකුණු කොරියානු රාජ්‍ය බලා පිටත්වීමට නියමිත තවත් රැකියාලාභින් 200 දෙනෙකු ඇපබැඳුම්කර අත්සන්කල බව විදේශ සේවා නියුක්ති කාර්යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි.
 
දකුණු කොරියානු රාජ්‍යය හා ශ්‍රී ලංකාව අතර අත්සන් කර ඇති අවබෝධතා ගිවිසුමට අනුව දකුණු කොරියානු රාජ්‍ය සඳහා පිටත්වීමට නියමිත රැකියාලාභීන් අතුරින් තවත් 200 දෙනෙකුගේ ඇපබැඳුම්කර හා ගිවිසුම අත්සන් කිරීම අද දින (2022.08.13) ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශ ශ්‍රවණාගාරයේදී සිදුකරන ලදී.
 

මෙම කණ්ඩායම ඉදිරි සති කිහිපය තුළදී කොරියාව බලා පිටත්වයාමට නියමිතයි.

1

2

3