විදෙස්ගත ලාංකිකයින් මෙරටට එවන ඩොලර් ප්‍රමාණය අඩු වෙයි

විදෙස්ගත ලාංකිකයින් මෙරටට එවන ඩොලර් ප්‍රමාණය අඩු වෙයි
පසුගිය වසර හා සාපේක්ෂව සැසඳීමේදී මේ වසරේ විදෙස් ගත ශ්‍රී ලාංකිකයින්ගෙන් මෙරටට ලැබෙන විදේශ ප්‍රේෂණ ප්‍රමාණය 50% කින් අඩු වී තිබෙන බව මහ බැංකුව නිවේදනය කර තිබේ.
 
මේ වසරේ ජනවාරි සිට ජූලි මාසය දක්වා විදේශ රැකියාවල නියුක්තිකයන්ගෙන් ලැබුණු විදේශ ප්‍රේෂණවල එකතුව ඇමරිකානු ඩොලර් මිලියන 1,889.4 ක්ය.
 
එමෙන්ම ජූලි මාසයේදී මෙරටට ලැබුණු විදේශ ප්‍රේෂණ ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 279.5 ක් වී ඇත.
 

ඒ අනුව පසුගිය වසරේ එම කාලසීමාව හා සැසඳීමේදී මේ වසරේදී මෙරටට ලැබුණු විදේශ ප්‍රේෂණ ප්‍රමාණය 50%කින් අඩුවී ඇති බව මහ බැංකුව සඳහන් කළේය.