යුරෝපානු රටවල් රැසක් උණුසුම් වෙයි -ප්‍රවේශමෙන්!

යුරෝපානු රටවල් රැසක් උණුසුම් වෙයි -ප්‍රවේශමෙන්!
යුරෝපානු රටවල් රැසක් දැඩි උණුසුම් කාලගුණය හේතුවෙන් මේ වන විට ගැටලු රැසකට මුහුණ දෙමින් සිටින බව විදෙස් පුවත් පෙන්වා දෙයි.
 

එංගලන්තයේ ඇතැම් ප්‍රදේශ මේවනවිට දැඩි නියඟයකට මුහුණපා තිබෙන අතර නිරිත දිග ප්‍රංශයේ හරගෙන තිබෙන ලැව් ගිනි හේතුවෙන් නොසන්සුම්කාරී තත්ත්වයක් හටගෙන තිබෙන බවත් සඳහන්.විශේෂයෙන් නිරිත දිග ප්‍රංශයේ හටගෙන ඇති ලැව්ගින්න, අධික උෂ්ණත්වය හේතුවෙන් සිඝ්‍රයෙන් ව්‍යාප්ත වීමේ ඉහළ අවදානමක් පවතින බවයි එරට ප්‍රදේශ බලධාරීන් ප්‍රකාශකර ඇත්තේ.

දින ගණනාවක සිට සක්‍රියව පවතින මෙම ලැව් ගිනි පාලනය කිරීම අසීරුවීම හේතුවෙන් එය පාලනය කිරීම සඳහා යුරෝපානු රටවල් රැසක් සහය ලබා ගැනීමට කටයුතු කර තිබෙන අතර ලැව් ගින්න හේතුවෙන් හෙක්ටයාර 7400ක් පමණ මේවනවිට විනාශයට පත්ව තිබෙන බව සඳහන්.

ලැව් ගිනි හේතුවෙන් 10000 ක පමණ පිරිසක් අවතැන් වී සිටින අතර ධ්‍යම පෘතුගාලයේ හට ගෙන ඇති විශාල ලැව්ගින්නක් මැඩපැවැත්වීමට ගිනි නිවන භටයින් 1600ක පිරිසක් යෙදවීමට සිදුව ඇති බවත් සඳහන්.

එමෙන්ම,ස්පාඤ්ඤයෙන් එවන ලද විශේෂ ගුවන් යානා 13ක් යොදා ගනිමින් ගින්න නිවා දැමීමට උපරිම ප්‍රයත්නය දරන බවයි, බලධාරින් පවසන්නේ. පෘතුගාලයේ "සේරා ද එස්ට්‍රේලා" ජාතික ‍වනෝද්‍යානයේ සියයට 15ක පමණ භූමි ප්‍රමාණයක්ද විනාශවී තිබෙයි.

එරට රජය දකුණු, මධ්‍යම හා නැගෙනහිර එංගලන්තයේ ප්‍රදේශ රැසක් නියන් අවදානමකට පත්ව ඇති බව නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත.