ඔස්ට්‍රේලියාවේ PR ගත හැකි වික්ටෝරියා සංක්‍රමණ වැඩසටහන වෙනස්කම් සමග දැන් විවෘතයි
ඔස්ට්‍රේලියාවේ 2022-23 මුල්‍ය වර්ෂය සඳහා වික්ටෝරියානු ප්‍රාන්තයේ skilled visa nomination program එක හෙවත් නිපුණතා වීසා වැඩසටහන අගෝස්තු 11 දින සිට විවෘත කරන බව වික්ටෝරියානු ප්‍රාන්ත රජය නිවේදනය කළේය. කොවිඩ් වසංගතයෙන් පීඩා විඳි වික්ටෝරියානු ප්‍රාන්තයේ සෞඛ්‍ය අංශය හා ආර්ථිකය යළි ශක්තිමත් කිරීමේ අරමුණින් මෙම පියවර ගත් බව වික්ටෝරියානු ප්‍රාන්ත රජය පවසයි. සෞඛ්‍ය හෙදියන් ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්රයේ බොහෝ වෘත්තීන් වල නියැලෙන පිරිස් හට මෙන්ම IT හා ඉංජිනේරු ක්ෂේත්‍ර වල සිටින්නන් සඳහා ද මෙවර වැඩි අවස්ථාවක් මේ හරහා ලබා දී ඇත.
වික්ටෝරියානු ප්‍රාන්තයේ skilled visa nomination වැඩසටහන
මෙම වැඩසටහන යටතේ පහත සඳහන් වීසා ඛාණ්ඩ දෙක නිකුත් කෙරේ.
- Skilled Work Regional (Provisional) visa (subclass 491)
- Skilled Nominated visa (subclass 190)
Skilled Nominated visa (subclass 190) යනු ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සෘජුව පිරිනමන වීසා ඛාණ්ඩයකි.
Skilled Work Regional (Provisional) visa (subclass 491) යනු වික්ටෝරියා ප්‍රාන්තයේ ප්‍රාදේශීය කලාපයේ වාසය කිරීමට සහ එම කලාපයේ පූර්ණ කාලීන රැකියා කිරීමට අවසර ලැබෙන වීසා ඛාණ්ඩයකි. අදාළ කොන්දේසි සපුරමින් වසර 3 කට පසුව මෙම වීසා බලපත්‍රලාභීන් හට 191 වීසා යන ඔස්ට්‍රේලියාවේ ස්ථිර පදිංචිය සෘජුව පිරිනමන වීසා ඛාණ්ඩයට අයදුම් කිරීමට අවස්ථාව සැලසේ.
2022-23 වසරේ වික්ටෝරියානු ප්‍රාන්තයේ skilled visa nomination වැඩසටහනට අදාළ 190 හා 491 වීසා ඛාණ්ඩ සඳහා ලබාදෙන කෝටා ප්‍රමාණය තවමත් ප්‍රකාශයට පත් කර නොමැත.
අයදුම් කිරීම
පෙර වසරවල මෙන්ම, අයදුම්කරුවන් පළමුව Registration of Interest (ROI) එකක් ඉදිරිපත් කිරීමට අවශ්‍ය වන අතර පසුව වීසා නාමයෝජනා සඳහා අයදුම් කිරීමට ඔවුන්ගේ තරඟකාරී කුසලතා මත තෝරා ගනු ලැබේ. අදාළ ROI 2023 මැයි මාසය දක්වා තක්සේරු කෙරේ.
2021-22 වසරේදී ඔබව තෝරා ගත්තේ නැතිද?
2021-22 වික්ටෝරියා සංක්‍රමණ වැඩසටහන ඉතා තරඟකාරී වූ අතර 15,000 කට අධික Registrations of Interest ලියාපදිංචි කිරීම් ඉදිරිපත් කර තිබුණි.
අයදුම් කිරීමට තෝරා නොගත් අයදුම්කරුවන් 2022-23 වැඩසටහන සඳහා නව Registrations of Interest ඉදිරිපත් කිරීමට උනන්දු කරනු ලැබේ.
2022-23 වැඩසටහන සඳහා වූ වෙනස්කම්
ඔස්ට්‍රේලියාවෙන් පිටත සිටින අයදුම්කරුවන්
වික්ටෝරියා ප්‍රාන්තයේ වෙසෙන අයදුම්කරුවන්ට අමතරව, සුදුසුකම් ලත් සියලුම වෘත්තීන්හි 190 වීසා සඳහා ඔස්ට්‍රේලියාවෙන් පිටත ජීවත් වන අයදුම්කරුවන් ටද අයදුම් කිරීමට අවසර ලැබේ. වික්ටෝරියා ප්‍රාන්තයේ වෙසෙන අයදුම්කරුවන්ට අමතරව 491 වීසා බලපත්‍ර සඳහා ද ඔස්ට්‍රේලියාවෙන් පිටත ජීවත් වන අයදුම්කරුවන් ටද අයදුම් කිරීමට අවසර ලැබේ. නමුත් එහිදී සෞඛ්‍ය වෘත්තීන් සඳහා ප්‍රමුඛත්වය දෙන බව සඳහන්.
සුදුසුකම් ලබන වෘත්තීන්
ස්වදේශ කටයුතු දෙපාර්තමේන්තුවේ රැකියා ලැයිස්තුවේ ඇති සියලුම වෘත්තීන් මේ සඳහා දැන් සුදුසුකම් ලබයි.
අයදුම්කරුවන් අයදුම් කිරීමට STEMM කුසලතා භාවිතා කිරීම සහ ඉලක්ක අංශයක වැඩ කිරීම තවදුරටත් අවශ්‍ය නොවේ.
මූලාශ්‍රය -SBS සිංහල පුවත්