කැනඩාවේ යන්න අපේක්ෂාවෙන් සිටිනවා නම් මේ ගැන දෙවරක් හිතන්න

කැනඩාවේ යන්න අපේක්ෂාවෙන් සිටිනවා නම් මේ ගැන දෙවරක් හිතන්න
නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් කැනඩාව බලායෑමට සූදානම්ව සිටි ශ්‍රී ලාංකිකයින් 11දෙනෙකු ඉන්දියාවේ කේරළ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.
 
තමිල්නාඩු කියුබ්‍රාන්ච් පොලීසියට ලැබුණු තොරතුරකට අනුව අදාළ පුද්ගලයින් පිරිස කොල්ලම් ප්‍රදේශයේ හෝටලයක් තුළ සිටියදී කේරළ පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.
 
සංචාරක වීසා මත පසුගිය සතියේ තමිල්නාඩුවට පැමිණි ශ්‍රී ලාංකිකයින් දෙදෙනෙකු අතුරුදන් වී ඇති බවට ලැබුණු තොරතුරක් අනුව විමර්ශන සිදුකළ තමිල්නාඩු පොලීසිය එම සැකකරුවන් රැඳී සිටි ස්ථානය පිළිබඳ තොරතුරු අනාවරණය කරගෙන තිබේ.
 
ඒ අනුව අදාළ පුද්ගලයින් දෙදෙනා සහ සරණාගතයින් ලෙස ඉන්දියාවට පැමිණි නව දෙනෙකු මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
 
ඔවුන් බෝට්ටුවක් ආධාරයෙන් කැනඩාව බලායෑමට සූදානම්ව සිට ඇති බවට පොලීසිය සිදුකළ මූලික විමර්ශනවලින් අනාවරණය වී තිබේ.