
නාගරික සංවර්ධන අධිකාරිය ඉදි කළ මධ්‍යම ආදායම් නිවාස ව්‍යාපෘතිවල නිවාස ඩොලර් ගෙවීම හරහා මිල දී ගන්නා විදෙස්ගත ශ්‍රී ලාංකිකයන්ට හා ශ්‍රමිකයින්ට සියයට 10ක වට්ටමක් ලබා දීමට නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය තීරණය කර තිබේ.
දැනට මෙවැනි ව්‍යාපෘති 2ක් අවසන් කර ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කරයි.
ඒ් අනුව නිවාස ඒකක 608ක් සහිත බොරැල්ල ඕවර් විව් නිවාස සංකීර්ණය හා නිවාස ඒකක 500ක් සහිත අංගොඩ ලේක් රෙස්ට් මෙලෙස වැඩ අවසන් කර ඇති බව වාර්තා වේ.