කටාරයේ අවම වැටුප වැඩිවීම සම්බන්ධයෙන් වැදගත් කතිකාවක්

කටාරයේ අවම වැටුප වැඩිවීම සම්බන්ධයෙන් වැදගත් කතිකාවක්

කටාර් රජය විසින් අවම වැටුපක් හඳුන්වාදීම සහ ක්‍රියාත්මක කිරීම කම්කරුවන්ගේ සහ ඔවුන්ගේ පවුල්වල ජීවන තත්ත්වය ඉහළ නැංවීමට උපකාරී වී ඇති බව ආචාර්ය. මොහොමඩ් බින් සයිෆ් අල් කුවාරි, ජාතික මානව හිමිකම් කමිටුවේ (NHRC) උප සභාපති විසින් නිවේදනය කර තිබෙන බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි.

2021 මාර්තු 20 දින, ගෘහ සේවිකාවන් ඇතුළුව සියලුම අංශවල සියලුම ජාතීන්ට අයත් සියලුම කම්කරුවන්ට අදාළ වන පරිදි QR1,000 ක කටාර්හි අවම වැටුප බලාත්මක කරන ලද අතර සේවායෝජකයා විසින් සපයන්නේ නම් මිස නවාතැන් සඳහා මසකට QR500 සහ ආහාර සඳහා මසකට QR300 ලබා දිය  යුතු බවත් එහිදී තීරණය විය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කරමින් මොහොමඩ් බින් සයිෆ් අල් කුවාරි විසින් ප්‍රකාශ කලේ,කටාරයේ සේවය කරන සියළුම කම්කරුවන්ට ප්‍රීතිමත් ජීවිතයක් ගත කිරීම සඳහා සුදුසු නවාතැන් ලබා දෙන බවත් කම්කරු නවාතැන් සංකීර්ණ තුළ සියලු පහසුකම් සහ ජීවන අවශ්‍යතා සපුරාලීමට කටයුතු කරන බවයි.

එමෙන්ම, ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව Mesaimeer හි කම්කරු නගරය වර්ග මීටර් මිලියන 2 කට වඩා වැඩි ප්‍රදේශයක් ආවරණය වන අතර කම්කරුවන් 100,000 කට නවාතැන් පහසුකම් සපයන බවත් පෙන්වා දුන් මොහොමඩ් බින් සයිෆ් අල් කුවාරි විසින් මෙම නිවාස ඒකකයට රෝහලක්, සායන, සාප්පු සංකීර්ණයක්, ක්‍රිකට් ක්‍රීඩාංගනයක්, සිනමා ශාලා, ආපනශාලා සහ අනෙකුත් පහසුකම් වැනි සේවාවන් ඇතුළත් කරමින් සියලුම සේවකයින්ට ප්‍රීතිමත්ලෙස ගත කිරීමට වටපිටාවක් සකස්කර දී තිබෙන බවත් පැවසීය.