මිනිස් ජාවාරම් මඩින්න නැඟෙනහිරින් විශේෂ යාන්ත්‍රණයක්

මිනිස් ජාවාරම් මඩින්න නැඟෙනහිරින් විශේෂ යාන්ත්‍රණයක්
නීති විරෝධී සංක්‍රමණයන් සමගින් සිදුවන මිනිස් ජාවාරම් පිටුදැකීම සඳහා නැගෙනහිර පළාත් විශේෂ මෙහෙයුම් යාන්ත්‍රණයක් සකස් කළ  යුතු බව පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් මහත්මිය පවසයි.
 
පළාත් ප්‍රධාන ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් එම යාන්ත්‍රණය ස්ථාපිත කරන ලෙසද ආණ්ඩුකාරවරිය විසින් උපදෙස් දී තිබේ.
 
පළාතේ සියලු රාජ්‍ය නිළධාරින් දැනුවත් කර ඔවුන්ගේ සහය ඒ සදහා ලබා දීමට කටයුතු කරන ලෙසද ආණ්ඩුකාරවරිය මෙහිදී ඉල්ලීමක් කර ඇත.
 
“මිනිස් වෙළදාමට එරෙහිව රජය සහ ප්‍රජා මූල සංවිධාන සවිබල ගැන්වීම තුළින් වැඩි බලපෑමක් ඇති කිරිම” යන මැයෙන් ඇම්කෝර් ආයතනය විසින් සංවිධානය කළ විශේෂ හමුවකට ත්‍රිකුණාමලය පිහිටි ප්‍රධාන ලේකම් කාර්යාලයේදි එක් වෙමින් ඇය මේ බව කියා සිටියාය.
  
මේ අවස්ථාවට පළාත් ප්‍රධාන ලේකම් ආර්.එම්.පී.එස්. රත්නායක, ආණ්ඩුකාර ලේකම් එල්.පී. මදනායක, ඇම්කෝර් ආයතනයේ අධ්‍යක්ෂක පී.මුරලිතරන්, ජාත්‍යන්තර සංක්‍රමණිකයන් සදහා වූ සංවිධානයේ නැගෙනහිර පළාත් ව්‍යාපෘති සම්බන්ධීකාරක මේරි මයුරින් ලැම්බර්ට් මහත්මිය ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.