වියට්නාමයේ රැඳවූ සංක්‍රමණිකයින් ගැන අමාත්‍යංශය අවදියෙන්

වියට්නාමයේ රැඳවූ සංක්‍රමණිකයින් ගැන අමාත්‍යංශය අවදියෙන්

වියට්නාමයේ වුන්ග්-ටාඕ වරායේ සිටින ශ්‍රී ලාංකික සංක්‍රමණිකයින්ගේ ප්‍රගතිය අඛණ්ඩව අධීක්ෂණය කරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.

විදේශ කටයුතු අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පිලිපීනය, සිංගප්පූරුව සහ වියට්නාමයේ ශ්‍රී ලංකා දූත මණ්ඩල සහ සිංගප්පූරුව පදනම් කරගත් කලාපීය සමුද්‍රීය ගලවා ගැනීමේ සම්බන්ධීකරණ මධ්‍යස්ථානය මැදිහත්ව ඔවුන් මුදාගැනීමේ කටයුතු සම්බන්ධීකරණය කළ බව අමාත්‍යංශය කියා සිටියි.

මගීන් පරීක්ෂා කිරීම වියට්නාම බලධාරීන් සහ වියට්නාමයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සමඟ සම්බන්ධීකරණයෙන් සංක්‍රමණ සඳහා වූ ජාත්‍යන්තර සංවිධානය විසින් සිදු කරන බව ද ඔවුන් පැවසුවා.

තහවුරු කර ගැනීමේ පරීක්ෂණ ක්‍රියාවලිය අවසන් වූ පසු, කඩිනමින් මෙම පිරිස ආපසු ගෙන්වා ගැනීම සඳහා අඛණ්ඩව කටයුතු කරන බව ද විදේශ කටයුතු අමාත්‍යාංශය වැඩිදුරටත් කියා සිටියි.